චීන-ඉන්දීය දේශසීමා මායිම්වල සාමය සුරැකීමට කැමැත්ත මෙන්ම හැකියාව ද දෙරටම සතු බව චීනය කියයි
2022-07-07 19:51:57
Share with:

 චීන-ඉන්දීය දේශසීමා මායිම්වල සාමය පොදුවේ ආරක්ෂා කිරීමට දෙරටට කැමැත්ත මෙන්ම හැකියාව ද ඇති බව චීනය කියයි.  

විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා මේ බව පැවසුවේ, චීන-ඉන්දීය විදේශ ඇමතිවරුන් බාලි දූපතේ පැවැත්වූ හමුව සම්බන්ධයෙන්, අද(7) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

චීනය හා ඉන්දියාව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් අසල්වැසියෝ වෙති.  දැනට චීන- ඉන්දීය දේශසීමා මායිම් ප්‍රදේශය, පොදු වශයෙන් ස්ථාවර තත්ත්වයක පවතී.  දෙරටේ නායකයන් එළඹුණු එකඟතා හා දෙපාර්ශ්වය අත්සන් කළ ගිවිසුම්වලට අනුව, එකිනෙකාට සමාන ආරක්ෂාවක් තහවුරු වීමේ  මූලධර්මය මත පිහිටා,  දේශසීමා මායිමේ බටහිර කොටසට අදාළ ගැටළුව විසඳා ගැනීමට දෙරටේ විදේශ ඇමතිවරුන්ගේ හමුවේදී කැමැත්ත පළ කෙරුණු බව චාඕ ලීජියන් මහතා හෙළි කළේය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම