මහ බැංකුව පොළී අනුපාතය ඉහළ දමයි
2022-07-07 18:44:38
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්,  14.5% සහ  15.5% දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.

මේ අතර පවතින 4.00% මට්ටමේ පවතින ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය එම මට්ටමේ ම පවත්වා ගෙන යාමට ද මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

රට තුළ පවතින ආර්ථික තත්වය සහ උද්ධමනය පිළිබඳ අවධානය යොමුකර මෙම සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම