බ්‍රිතාන්‍ය අගමැතිවරයා කොන්සර්වෙටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
2022-07-07 18:30:21
Share with:

බ්‍රිතාන්‍ය අගමැතිවරයා කොන්සර්වෙටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

බීබීසී ඇතුළු එරට මාධ්‍ය අද(7) මේ බව වාර්තා කර තිබේ.බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා අද (7) ප්‍රකාශ කර ඇත. එහෙත් මේ වසරේ සරත් සෘතුව දක්වා තමා අඛණ්ඩව අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටින බව ද හෙතෙම පැවසීය.

බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂ නායකයන්ගේ මැතිවරණය මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එළඹෙන ඔක්තෝබර් මස පැවැත්වෙන එම පක්ෂ සමුළුවේදී නව අගමැතිවරයා ධුරයට පත්වීමට නියමිතය.

අගමැති බොරිස් ජොන්සන් මහතා කෙරෙහි පැවති විශ්වාසය පළුදු වීම හේතුවෙන් පසුගිය 5 වනදා, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරවරයා ඉල්ලා අස්වූහ.ඉන්පසු දින දෙකක් තුළ බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන් 50 කට වැඩි පිරිසක් ඉල්ලා අස්වී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම