ද්විත්ව චක්‍ර ආර්ථික ක්‍රමවේදය වර්තමානයට ව‍ඩාත් හොඳින් ගැලපෙන ක්‍රමයක්
2022-07-06 10:18:49
Share with:

ලෝකයේ පවතින අස්ථාවරභාවය තුරන් කිරීමට පොදු අරමුණක් වෙත ලොව සියළු රටවල් එක්වීමේ අවශ්‍යතාව චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩලයේ සභාපති බණ්ඩාර දිසානායක මහතා පෙන්වා දෙයි. ඇමරිකා ආර්ථිකය අවපාතයකට ගමන් කරනු ඇතැයි පවතින අනතුරු ඇඟවීම් හමුවේ මෙම අවිනිශ්චිතතාව තවත් වැඩි කරන බව ද හෙතෙම පෙන්වා‍ දෙයි. මෙය කුඩා ආර්ථිකයන් සහිත සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් අහිතකර අන්දමින් බලපානු ඇත. ඊට මුහුණදීම සඳහා නව ආර්ථික උත්තේජනයන් සමගින් විශාල ආර්ථිකයන් සහිත රටවල් පෙරට ආ යුතුය. චීනය මෙම බාහිර අස්ථාවර සාධකයන්ට මුහුණදීම සඳහා දේශීය හා විදේශීය ද්විත්ව චක්‍ර ආර්ථික ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටී. මෙම පියවර වර්තමානයේ දී වඩාත් නිවැරදි පියවරක් ලෙසට තමන් දකින බවද හෙතෙම පෙන්වා දෙයි.

විශේෂයෙන් විශාල වෙළඳපොලක් සහිත චීනයේ දේශීය පරිභෝජන උත්තේජනයන් තුළින් ආනයනික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම ද ඉහළ යනු ඇත. එය අස්ථාවර ලෝක වෙළඳාමට යම් අස්වැසිල්ලක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩලයේ සභාපති බණ්ඩාර දිසානායක මහතා කියා සිටී. මෙවැනි අස්ථාවර තත්ත්වයක දී චීනය වැනි ‍විශාල ආර්ථිකයක් තුළින් නව ජීවයක් ලබාදීමට හැකිවනු ඇති බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම