සියලු දෙනාගේම වගකීම වන්නේ අර්බුදය පිටුදැකීම සඳහා ශක්ති ප්‍රමාණයෙන් සහය වීම අග්‍රාමාත්‍යවරයා කියයි
2022-07-06 16:54:54
Share with:

පවතින අර්බුදකාරී අවස්ථාවේ සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ අතීතය අවුස්සමින් සිටීම නොව, අර්බුදයෙන් මිදීම සඳහා ශක්ති ප්‍රමාණයෙන් සහය වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ, අද (6) පාර්ලිමේන්තුවේ දී ය.

රට ඇද වැටී තිබෙන අර්බුදයෙන් ගොඩගැනීමේදී  මූලික අවධානය යොමු කළ යුතුව ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ නව ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා යි. මේ අවස්ථාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතු ව ඇත.

එසේම රටේ නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය බලවත් කළ යුතුව ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. එහිදී විපක්ෂයට ද රජය හා එක්ව  වැඩ කළ හැකි බව ද වික්‍රමසිංහ මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම