ඉන්දියාව එරට ක්‍රියාත්මක චීන ව්‍යාපාරවලට වෙනස් කොට නොසලකනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය කියයි
2022-07-06 19:48:31
Share with:

ඉන්දියාව එරට ක්‍රියාත්මක චීන ව්‍යාපාර සඳහා ‘වෙනස් කොට නොසැලකීමේ’ ව්‍යාපාරික පරිසරයක් සකසා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි. 

ඔහු මේ බව පැවසුවේ ඉන්දියාවේ ක්‍රියාත්මක, චීන ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වන vivo සමාගමේ නිෂ්පාදන හා ව්‍යාපාරික ස්ථාන රැසක් පිළිබඳව, ඉන්දියානු නීති අංශ කළ හදිසි පරීක්ෂණයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ‍පිළිතුරු දෙමිනි.

ඒ ඒ රටවල නීතියට අනුකූලව කළමනාකරණ සිදු කරන ලෙස, චීන රජය සෑමවිටම විදේශයන්හි ක්‍රියාත්මක තම ව්‍යාපාරවලින් ඉල්ලා සිටී. එමෙන්ම සිය නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කිරීමට චීන රජය එම ව්‍යාපාරවලට ස්ථිර ලෙස අනුග්‍රහ දක්වයි. ඉන්දියානු පාර්ශ්වය ද, රෙගුලාසීන්ට අනුව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම