ඔමික්‍රෝන් නව ප්‍රභේදයක් පැතිර යාමේ අවදානමක් මතුවුව හොත් මුව ආවරණ අනිවාර්ය බව සෞඛ්‍ය අංශ කියයි
2022-07-06 16:48:22
Share with:

යළි ඔමික්‍රෝන් නව ප්‍රභේදයක් පැතිර යාමේ අවදානමක් මතුවුව හොත් මුව ආවරණ අනිවාර්ය කිරීමට සිදු වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

දැනට  මුව ආවරණ අනිවාර්ය නොමැති බව දැනුම් දී ඇතත්,  කැමති අයකුට මුව ආවරණ භාවිත කිරීමේ තහනමක් නැතැයි ද ඊයේ ( 5) පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම සඳහන් කළේ ය.

මුව ආවරණ අනිවාර්ය කිරීම ඉවත් කළේ, විශේෂඥ කමිටුවේ නිර්දේශ මත බවත්, එය සිදු කළේ  එම කාලයේ තිබූ රෝග ව්‍යාප්තිය අඩු වීම, මරණ සංඛ්‍යාව ආදී සංඛ්‍යා ලේඛන අනුව බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  කියා සිටියේ ය.

නව ප්‍රභේදයකින් ඇතිවන අවදානම අඩු කර ගැනීමට කොවිඩ් එන්නතේ සිව් වන මාත්‍රාව ලබාගන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික එන්නත්කරණය සියයට සියයක් සාර්ථක නමුත් ප්‍රතිශක්තිය ඒකාකාරීව නොතිබෙන බැවින්  පළමු හා දෙවන එන්නත් ලබා ගෙන වසරකට වඩා ගත වී ඇත්නම් බූස්ටර් එන්නතක් ලබාගත යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම