ඉන්ධන අර්බුදය නිසා තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්
2022-07-06 16:44:43
Share with:

තේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා නොදුනහොත් තේ ආර්ථිකය තවදුරටත් කඩා වැටීමේ දැඩි අවදානමක් මතු වී ඇතැයි තේ නිපැයුම්කරුවෝ පවසති. 

තේ වත්තේ සිට කම්හල් දක්වා දලු ප්‍රවාහනයටත්, තේ කුඩු නිෂ්පාදනයටත්, වතු පාලනයටත් දිනකට ඩීසල් සහ පෙට්‍රල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. විදුලි කප්පාදුවත් සමග ඉන්ධන අවශ්‍යතාව තවදුරටත් ඉහළ ගොස් ඇත. 

තේ මිල දී ගන්නා රටවල ඉල්ලුමට සරිලන තේ සැපයුමක් මෙරටින් සිදු කිරීමට නොහැකි වුවහොත් එම රටවල් ඉන්දියාව, කෙන්යාව වැනි රටවලින් තේ මිල දී ගැනීමට කටයුතු කරනු ඇති බව ද තේ නිපැයුම්කරුවෝ පෙන්වාදෙති. එය, මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් නතර වීමකි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විටත් වතු සමාගම් කිහිපයක් තේ කුඩු නිෂ්පාදනය තාවකාලිකව නතර කර ඇති බව ද වාර්තා වේ. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම