ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනය පිළිබඳව පළකර ඇති අදහසට චීනයේ දැඩි විරෝධය
2022-07-06 19:06:44
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනය පිළිබඳව පළකර ඇති අදහස සපුරා අසත්‍ය බවට චීනය චෝදනා කරයි.

රෙගුලාසි පදනම් කරගත් ජගත් පටිපාටිය විනාශ කිරීමට චීනය උත්සාහ දරමින් සිටින බවත්, ගැටුම් ඇතිනොකරන ඇමරිකාව එම ජගත් පටිපාටිය උපරිම වශයෙන් සහතික කරන බවත් ඇමරිකානු රාජ්‍යලේකම් Antony Blinken පසුගිය දා නේටෝ සංවිධාන පොදු සාකච්ඡා මණ්ඩපයේදී ප්‍රකාශ කර ඇත.මේ සම්බන්ධයෙන් අද (6) පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අදහස් පළ කළේය.

චීනය කිසිදු රටක් ආක්‍රමණය කර නොමැති අතර, කිසිදු ප්‍රොක්සි යුද්ධයක් නිර්මාණය කර නැත.එමෙන්ම කිසිදු හමුදා කණ්ඩායමකට එක්නොවූ චීනයට හමුදා කණ්ඩායම් ස්ථාපනය කිරීමේ අදහසකුදු නොමැත. කිසිදු රටක් සමඟ තරඟ කිරීමේ වුවමනාවක් නොමැති චීනය, අනෙකුත් රටවල් සමඟ සහයෝගීතා පවත්වා පොදු ජයග්‍රහණ ලබා ගනිමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම උදෙසා කටයුතු කරන බව Zhao Lijian මහතා පැවසීය.ලෝකය ව්‍යාකූල කිරීම සඳහා නේටෝ සංවිධානය දැඩිව ග්‍රහණය කරගෙන සිටින ඇමරිකාව, චීනය සමඟ තරඟකාරිත්වය ප්‍රචාරය කරමින් විවිධ කණ්ඩායම් ගැටුම්වලට පොළඹවා ඇත.ඇමරිකාවේ එම අදක්ෂ, කුමන්ත්‍රණකාරී ක්‍රියා සාර්ථක නොවනු ඇතැයි ද Zhao Lijian මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම