තම රටේ වත්කම් හැකි ඉක්මනින් මුදා හරින ලෙසට ඇෆ්ගනිස්ථානයෙන් ඉල්ලීමක්
2022-07-06 13:39:11
Share with:

තම රටේ වත්කම් හැකි ඉක්මනින්  මුදා හරින ලෙසට ඇෆ්ගනිස්ථානය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය වසරේ සිට, ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඇමරිකාව පනවා ඇති සම්බාධක යටතේ, ජාත්‍යන්තර සංවිධාන හා බටහිර රටවල් රැසක් ඇෆ්ගනිස්ථානයට සැපයූ සහනාධාර නතර කර තිබේ. එමෙන් ම, ඇෆ්ගනිස්ථාන‍ මහ බැංකුවේ ඇ.ඩො. බිලියන ගණනක වටිනාකමෙන් යුත් වත්කම් ඇමරිකාව සිය අභිමතය පරිදි රඳවා ගෙන තිබේ. එය ඇෆ්ගනිස්ථානයට අයත් වත්කම් ඇමරිකාව විසින් ඍජු ව පැහැර ගැනීමකි.

ඇෆ්ගනිස්ථාන තාවකාලික රජයේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ වැඩබලන ඇමතිවරයා පසුගිය දා චීන මාධ්‍ය සමූහය අමතමින් පැවසුවේ ඇමරිකාව හා බටහිර රටවල් මානුෂීය සහනාධාර දේශපාලනීකරණයට ලක් නොකළ යුතු බවයි. ඇෆ්ගනිස්ථාන ජනතාවගේ වත්කම් මුදා හරින ලෙසට ද ඔහු ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම