ඉහළ ආදායම් ලබන රටවල් අතරින් වැඩිම මාතෘ මරණ අනුපාතය ඇමරිකාවෙන්
2022-07-05 16:06:41
Share with:

ඉහළ ආදායම් ලබන රටවල් අතර වැඩිම මාතෘ මරණ අනුපාතය ඇමරිකාවෙන් වාර්තා වෙයි.  අධ්‍යයනවලින් පෙනී යන්නේ COVID-19 වෛරසය එම අනුපාතයන් වඩාත් නරක අතට හැරවූ බවයි.

මෙම වසර මුලදී නිකුත් කරන ලද සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සඳහා වන ජාතික මධ්‍යස්ථාන වාර්තාවකින් දක්වා තිබුණේ, COVID-19 වෛරසය රට පුරා සිටින ගර්භණී මවුවරුන්ට අසාමාන්‍ය ලෙස බලපා ඇති බවයි. ඒ අනුව,  2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී ඇමරිකාවේ මාතෘ මරණ  18 %කින් වැඩි වී තිබේ.

එහෙත්,  Maryland විශ්වවිද්‍යාලය සහ Boston විශ්වවිද්‍යාලයේ නව විශ්ලේෂණයකින් මෑතකදී හෙළිවූයේ, මාතෘ මරණවල සැබෑ අනුපාතය සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සඳහා වන ජාතික මධ්‍යස්ථාන වාර්තාවේ සඳහන් අගය මෙන් දෙගුණයක් වන බවයි. මෙම විශ්ලේෂණ වාර්තාව ජූනි 28 වන දින JAMA Network Open සඟරාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම