Lancang-Mekong නදී සහයෝගතාව පිළිබඳ හත්වැනි විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමේ ප්‍රගතිය චීනය විග්‍රහ කරයි
2022-07-05 16:48:32
Share with:

ඊයේ(4) මියන්මාරයේ පැවති Lancang-Mekong නදී සහයෝගතාව පිළිබඳ හත්වැනි විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමේ ප්‍රගතිය චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා විස්තර කරයි. 

ගෙවී ගිය වසරක් තුළ Lancang- Mekong ගංගාශ්‍රිත රටවල් හය වන චීනය, මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය හා වියට්නාමය එක්ව වසංගත පාලනය හා ජනජීවිත ව්‍යාපෘති පොදුවේ ප්‍රවර්ධනය කර Lancang-Mekong සහයෝගතාව යටතේ ඉහළ තලයේ සංවර්ධනයක් පවත්වා ගෙන යාමට දායක විය. එය කලාපීය සහයෝගතාවේ ස්වර්ණමය ආදර්ශයක් ලෙස හැඳින්විය හැකි බව චාඕ ලීජියන් මහතා කීය.  

ඉදිරියේදී ආර්ථික සබැඳියාවන් තහවුරු කර, කෘෂි සහයෝගතා පුළුල් කරමින්, හරිත සංවර්ධනයෙහි නියැලී, ඩිජිටල් සහයෝගතා සහ සංස්කෘතික හුවමාරු ශක්තිමත් කිරීම මෙම රටවල් හයේ අපේක්ෂාවයි. Lancang-Mekong කලාපය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ ආදර්ශවත් කලාපයක් ලෙසත්, ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ පුරෝගාමී කලාපයක් ලෙසත්, එමෙන්ම ගෝලීය ආරක්ෂක මුලපිරුම පිළිබඳ සහයෝගතා කලාපයක් ලෙසත් ගොඩනැගීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම