චීනයට එරෙහි අතිරේක රේගු බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීම සමස්ත ලෝකයටම යහපතක් වනු ඇතැයි චීනය පවසයි
2022-07-05 22:24:52
Share with:

චීනයට පැනවූ අතිරේක රේගු බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීම චීනය හා ඇමරිකාවට මෙන්ම මුළු ලෝකයටම සාධනීය ලෙස බලපාන බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao  Lijian මහතා අද(5) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීන උප අග්‍රාමාත්‍ය Liu He මහතා සහ ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen මහත්මිය අතර සාකච්ඡාව අද පැවැත්විණ. එම සාකච්ඡාවේදී චීනයේ අපනයන භාණ්ඩවලට  එරෙහිව පනවා ඇති අතිරේක රේගු බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීම පිළිබඳව ඇමරිකාව අදහස් පළ කළේද නැද්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් Zhao Lijian මහතා මේ බව පැවසීය. එම සාකච්ඡාව සම්බන්ධයෙන් චීනය  මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, දැනට වෙනත් තොරතුරු ලබා දිය නොහැකි බවද හෙතෙම පැවසීය. 

රේගු බදු ප්‍රශ්නය කෙරෙහි චීනය දරන ස්ථාවරය සැමවිටම පැහැදිලි මෙන්ම ස්ථිර වූවකි. ඇමරිකාවේ බුද්ධි මණ්ඩලයේ සංඛ්‍යලේඛන අනුව, චීනයට එරෙහි අතිරේක රේගු බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් ඇමරිකාවේ උද්ධමනය සියයට එකකින් අඩු විය හැකිය. වර්තමානයේ ඉහළ උද්ධමන  තත්ත්වය යටතේ අදාළ බදු හැකි ඉක්මණින් ඉවත් කිරීම තුළින් පාරිභෝගිකයන්ට හා ව්‍යවසායන්ට වාසි ලබා ගත හැකි බවද හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම