සාර්ව ආර්ථික තත්ත්වය සහ ගෝලීය කාර්මික හා සැපයුම් ජාල පිළිබඳව චීන-ඇමරිකානු දෙපාර්ශ්වය සාකච්ඡාවක
2022-07-05 11:38:37
Share with:

චීන උප අග්‍රාමාත්‍ය , චීන-ඇමරිකානු පූර්ණ ආර්ථික සංවාදයේ චීන නියෝජිත Liu He මහතා සහ ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen මහත්මිය සාකච්ඡා පවත්වති.

අද (05) පෙරවරුවේ එම සාකච්ඡාව වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. සාර්ව ආර්ථික තත්ත්වය සහ ගෝලීය කාර්මික ජාලය හා සැපයුම් ජාලය ඇතුළු කරුණු පිළිබඳව දෙපාර්ශ්වය එහිදී විවෘත ව අදහස් හුවමාරු කරගෙන තිබේ. වර්තමානයේ ලෝක ආර්ථිකය බැරෑරුම් අභි‍යෝගයකට මුහුණ පා සිටී. චීනය හා ඇමරිකාව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සම්බන්ධීකරණ ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කර ඇත. චීනය කෙරේ අතිරේක තීරු බදු පැනවීම ඇමරිකාව අහෝසි කිරීම හා චීන ව්‍යවසායන්ට සාධාරණ ලෙස සැලකීම ඇතුළු කරුණු පිළිබඳව චීනය අවධානය යොමු කර සිටින බව Liu He මහතා පවසයි. ඉදිරියේදී ද්විපාර්ශ්වික සංවාද අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම