2022 නව අයවැය සඳහා කැබිනට් අනුමැතිය
2022-07-05 18:22:23
Share with:

2022 වර්ෂය සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

යෝජනාව ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යි.

විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හා උද්ධමනය ඉහළ යාම මෙන්ම, ඉන්ධන, ගෑස් හා විදුලිය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ආදී තත්වයන් සැලකිල්ලට ගනිමින් නව අයවැය ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර, ආර්ථික ස්ථායිතාව සඳහා ආදායම ඉහළ නැංවීමේ අරමුණින් බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ද  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම