ගෙවීමට නොහැකි ගොවි ණය කපා හැරේ
2022-07-05 18:30:14
Share with:

‍හෙක්ටයාර් 2 ක් හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබා ගෙන, මේ  වන විට  ගෙවීමට අපහසු වී ඇති ණය මුදල් කපා හැරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි. මෙය අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකි.

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතය හේතුවෙන් සෑම ක්‍ෂේත්‍රයකටම බලපෑම් එල්ල වී තිබේ.

එම තත්ත්වය ගොවීන්ට ද බලපා ඇති අතර, රසායනික පොහොර තහනම නිසා ඔවුන් තවදුරටත් දුෂ්කරතාවට පත්ව සිටිති. එම කරුණු සැකිල්ලට ගෙන ගොවි ණය කපා හැරීමට පියවර ගැනේ.  

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම