චීනයේ අභ්‍යවකාශ ව්‍යායාමය පිළිබඳ ඇතැම් ඇමරිකානු නිලධාරීන්ගේ පදනම් විරහිත ප්‍රකාශ කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2022-07-04 18:57:44
Share with:

චීනයේ අභ්‍යවකාශ ව්‍යායාමය පිළිබඳ ඇතැම් ඇමරිකානු නිලධාරීන්ගේ පදනම් විරහිත ප්‍රකාශවලට චීනය දැඩි විරෝධය පළ කරයි.

චීනයේ අභ්‍යවකාශ සැලැස්ම, යුද සැලැස්මක් බව ඇමරිකානු නාසා ආයතනයේ ප්‍රධානී Bill Nelson මෑතකදී ජර්මානු මාධ්‍ය සමග පැවති සංවාදයක දී  පැවසීය. අද(4) පැවති මාධ්‍ය හමුවේදී චීන වි‍දේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා එම ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළේය. උඩුගුවන, සිය සටන් භූමියක් ලෙස ප්‍රසිද්ධියේම හඳුන්වාදෙන ඇමරිකාව අභ්‍යවකාශ හමුදා සංවිධාන කිරීම හා අභ්‍යවකාශ අවි ආයුධ නිෂ්පාදනය අඛණ්ඩව කඩිනම් කර ඇතැයි ඔහු පෙන්වා දෙයි. මේ අතර චීනය සෑම විටම සාමකාමීව අභ්‍යවකාශ ගවේෂණයෙහි නියැළී සිටියි. චීනය අභ්‍යවකාශ ව්‍යායාමය සිදු කර ඇත්තේ, සිය රටේ ආර්ථික, සමාජයීය, විද්‍යා තාක්ෂණ හා ආරක්ෂණය යනාදී ක්ෂේත්‍රවල සාධාරණ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා යි. අභ්‍යවකාශයේ තිරසර සාමය හා ආරක්ෂාව වෙනුවෙන් දිය යුතු දායකත්වය ලබාදෙන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරන බව ද චාඕ ලීජියන් මහතා අවධාරණය කළේය.  

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම