ගෝලීය සංවර්ධන මුලපිරුමට එක් වන විවිධ රටවල් පිළිගැනීමට චීනය සූදානම්
2022-07-04 18:48:49
Share with:

හවුල්කාරී ජීවගුණයට අනුකූල වන ගෝලීය සංවර්ධන මුලපිරුමට එක්වීම සඳහා විවිධ රටවල් හා ජගත් සංවිධානවලට ඇරයුම් කරන බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා මේ බව පැවසුවේ අද(4) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. නොබෝ කලකට පෙර පැවති ගෝලීය සංවර්ධනය පිළිබඳ ප්‍රධානීන්ගේ සංවාදයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රායෝගික සහයෝගතා පියවර මාලාවක් ඉදිරිපත් කළේය. ගෝලීය සංවර්ධන සහයෝගතාවන්හි ප්‍රතිඵල 32ක් අඩංගු ලැයිස්තුවක් එම සංවාදයෙන් අනතුරුව චීන පාර්ශ්වය විසින් ප්‍රකාශයට පත්කරන ලදී. එය චීනය ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාවට නංවාලීමේ ප්‍රමුඛ ක්‍රියාව පිළිබඳ ලේඛනයක් බව චාඕ ලීජියන් මහතා පැහැදිලි කළේය.

ඉදිරියේදී ජගත් ප්‍රජාව සමග එක්ව දරිද්‍රතාව පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාවය, වසංගත පාලනය, සංවර්ධනයට මුදල් එක්රැස් කිරීම, හරිත සංවර්ධනය,  දේශගුණික විපර්යාසය, කාර්මිකකරණය හා ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් සහයෝගතා තහවුරු කිරීමට චීනය සූදානම් බව ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම