ඇමරිකාවේ 25 හැවිරිදි අප්‍රිකානු තරුණයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට
2022-07-04 18:36:20
Share with:

ඇමරිකාවේ 25 හැවිරිදි අප්‍රිකානු තරුණයෙකු වූ Jayland Walker පොලිස් වෙඩි ප්‍රහාර මාලාවකින් ඝාතනය කෙරේ. එය සිදු වූයේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ඇක්රොන් නගරයේ දී යි.

එම සිද්ධියට එරෙහි  විරෝධතා ව්‍යාපාරයක් ඊයේ (3) ඇක්රොන් නගරයේදී පැවැත්විණ. ඇක්රොන් නගරාධිපතිවරයා සහ එහි පොලිස් ප්‍රධානියා පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසු, එම විරෝධතාවට සහභාගි වූ විරෝධතාකරුවන් සංඛ්‍යාව ක්‍රමයෙන් දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ‍. ඇක්රොන් නගරයේ “වර්ණ සහිත මිනිසුන්ගේ සංගමයේ” නියෝජිතයෙක් විරෝධතාකරුවන් නගර ශාලාවට කැඳවා දේශනයක් පැවැත්වීය. Jayland Walker වෙනුවෙන් යුක්තිය ඉල්ලන ප්‍රකාශ සහිත විවිධ පුවරු විරෝධතාකරුවෝ ඔසවාගෙන සිටියහ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම