අත්‍යවශ්‍ය සේවා පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක්
2022-07-04 16:38:04
Share with:

අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.  ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමය පරිදි යි.

ඒ අනුව,  3 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම  අත්‍යවශ්‍ය සේවා බවට නම් කර තිබේ.

ඊට අමතරව, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගී සත්කාරක සේවා සම්බන්ධ සියලු සේවා ද‍ ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම