ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ විවිධ ජාතීන්ට අයත් ජනතාවගේ ශිෂ්ට සම්පන්න ශ්‍රමය පිළිබඳ ප්‍රකාශයට අදාළ ස්වාධීන සමීක්ෂණ වාර්තාව නිකුත් කෙරේ
2022-07-04 14:56:57
Share with:

ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ විවිධ ජනවර්ගයන්ට අයත් ජනතාවගේ ශිෂ්ට සම්පන්න ශ්‍රමය පිළිබඳ ප්‍රකාශයට අදාළ ස්වාධීන සමීක්ෂණ වාර්තාව නිකුත් කෙරේ.

චීන ෂින්ජ්‍යං විශ්වවිද්‍යාලය අද (4) සිය වෙබ් අඩවිය මගින්, එම ස්වාධීන සමීක්ෂණ වාර්තාව චීන හා ඉංග්‍රීසි භාෂාවලින් පිටු දෙකක් ලෙස නිකුත් කර ඇත.

ගතවූ වසරක කාලය තුළ, අදාළ සමීක්ෂණ කණ්ඩායම චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ කෝරළ හා නගර 14කට පැමිණ එහි වෙසෙන හන් , උයිගුර්, කසක්, හුවෙයි, සි පෙ, තුං සියාන්, ඩාවුර් යන ජාතීන්ට අයත් ජනතාව සමඟ ගැඹුරින් අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ අපේක්ෂා, ඉලක්ක, රැකියා නියුක්තිය හා වෘත්තීය වටිනාකම් යන අංශයන් පිළිබඳ අවබෝධය ලබාගෙන ඇත. එම කරුණු පදනම් කොට ගෙන අදාළ සමීක්ෂණ වාර්තාව සම්පූර්ණ කෙරිණ.

එම වාර්තාවට අනුව,  ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ විවිධ ජනවාර්ගික ජනතාවගේ වැඩ කිරීම, ඔවුන්ගේ තාර්කික ඉලක්ක අනුව, තමා විසින්ම, තම කැමත්ත මත තෝරා ගත් සමාජයීය ක්‍රියාවකි. ඔවුන්ගේ රැකියා නියුක්ති තත්ත්වය සමාජයීය නවීනකරණයේ අනිවාර්ය ප්‍රවණතාවට හා ස්වාභාවික ක්‍රියාදාමයට අනුකූල වේ. ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ විවිධ ජාතීන්ට අයත් ජනතාව ශ්‍රමය මගින් සිය පවුල්වල සැපත, ස්වයං සංවර්ධනය හා නිපුණතා දියුණු කිරීම යන ක්ෂේත්‍රවල වටිනාකම් මනාව ඉටු කරන බව ද එම වාර්තාවේ සඳහන් වේ. 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම