මියන්මාර අර්බුදය විසඳීමට චීනයෙන් යෝජනා
2022-07-04 19:31:21
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ කාම්බෝජයේ නියෝජ්‍ය අගමැති හා විදේශ අමාත්‍ය Prak Sokhonn මහතා මියන්මාරයේ තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගනිති. එම හමුව ඊයේ (3) මියන්මාරයේ Bagan හි දී පැවැත්විණ‍.

එහිදී Wang Yi මහතා මියන්මාරයේ අර්බුද පිටුදැකීම සඳහා චීනයේ අපේක්ෂාවන් තුනක් ඉදිරිපත් කළේය. පළමුව, ව්‍යවස්ථාමය සහ නෛතික රාමුව යට‍තේ මියන්මාරයේ දේශපාලන සංහිඳියාව චීනය සහ ආසියාන් සංවිධානය සමග එක්ව ඉදිරියට පවත්වාගෙන යාම යි. දෙවනුව, මියන්මාරය තම රටට සුදුසු දේශපාලන සංවර්ධන මාවතක් සොයා ගැනීම චීනය සහ ආසියාන් සංවිධානය එක්ව ප්‍රවර්ධනය කිරීම යි. තුන්වනුව, ආසියාන් සංවිධානය අඛණ්ඩව අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ හා පොදු එකඟතා මූලධර්ම අනුගමනය කරමින් සංවිධානයේ සමගිය හා ප්‍රමුඛත්වය ආරක්ෂා කිරීම යි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම