පාකිස්ථානයේ බස් රථ අනතුරකින් 19 දෙනෙක් මරුට
2022-07-03 18:12:22
Share with:


පාකිස්ථානයේ මගී බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයෝ 19 දෙනෙක් ජීවිතක්ෂය‍ට පත්වෙති.තවත් 14 දෙනෙක් තුවාල ලැබූහ.බලොචිස්ථාන් පලාතේ දී අනතුර සිදුව ඇත.වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ රියදුරුට බස් රථය පාලනයෙන් ගිලිහී යාමෙන් අනතුර සිදුවිය.අනතුරට ලක්වූවන් ප්‍රදේශයේ රෝහල් වෙත යොමු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.තුවාල ලබා ඇති ඇතැම් පුද්ගලයන් බරපතල තත්ත්වයේ පසුවන බැවින් මිය ගිය සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට සැක පළවී ඇත.අනතුර සිදුවන විට 30කට අධික පිරිසක් බස් රථයේ ගමන් කරමින් සිටියහ.




ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම