2022 ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුළත් කර ගැනීමට ඡන්ද දායකයන්ට ලබන 12 වැනිදා දක්වා අවස්ථාව
2022-07-03 16:25:29
Share with:

2022 ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුළත් කර ගැනීමට ඡන්ද දායකයන්ට ලබන 12 වැනිදා දක්වා අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසම සදහන් කරයි. 

මෙම වසරට අදාළව සකස් කර ඇති නාම ලේඛණ ග්‍රාම නිලධාරී කාර්යාලවල,  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පිහිටි මැතිවරණ කාර්යාලවලදී  ප්‍රදර්ශනය කෙරේ.

ලැයිස්තුවෙන් ඉවත් කර ඇති නම් ඒ පිළිබඳව ද එහිදී දැනගත හැකිය.

පසුගිය වසරට අදාළ නම් ඊට ඇතුළත් වේ.

තම නම එහි සදහන් නොවේ නම් ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචිවීමේ ආකෘති පත්‍රයක් ග්‍රාම නිලධාරීවරයාට භාරදෙන ලෙසට මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම