වී වගාකළ සියලු ගොවීන්ට පොහොර ලබාදීමට පියවර
2022-07-03 16:26:19
Share with:

ඉන්දීය රජය සපයන යුරියා පොහොර වී වගාකළ සියලු ගොවීන්ට සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඇමති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව වී වගා කළ ගොවීන් අපහසුතාවට පත්ව ඇත්නම් ඔවුන්ට සහාය වීම රජයේ වගකීම බව සිය අමාත්‍යංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් දැනට අස්වනු නෙලා අවසන්ව ඇතත් ගොවීන්ට යුරියා පොහොර අවශ්‍ය නම් ඒවා සැපයීමේ හැකියාව සොයා බලන ලෙසට ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ගොවීන්ට එම පොහොර වෙනත් භෝග සදහා යොදා ගැනීමටද අවසර හිමිවෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම