වර්ජනයේ නිරතවන තැපැල් සේවකයන් සේවය අතහැරගියා සේ සලකන බව තැපැල්පති කියයි
2022-07-02 20:48:31
Share with:

සේවයට වාර්තා නොකර වර්ජනයේ නිරතවන තැපැල් සේවකයන් සේවය අතහැරගියා සේ සලකා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වෘත්තීය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා ප්‍රකාශ කර ඇත. රටතුළ පවතින අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අගහරුවාදා, බදාදා, සහ බ්‍රහස්පතින්දා යන දිනවල පමණක් තැපැල් කාර්යාල මෙන්ම උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට පසුගියදා තීරණය කෙරිණ.

එම තීරණයට විරෝධය පළකරමින් තැපැල් වෘත්තීය සමිති කිහිපයක් පසුගිය 26 වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ ‍කළේය.මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ විදේශ අංශයේ තැපැල්මළු සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩ ගැසී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම