ආර්ථික කටයුතු සම්බන්ධ විශේෂඥ කමිටුවේ සාමාජිකයන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්
2022-07-02 20:47:25
Share with:

ආර්ථික කටයුතු සම්බන්ධ විශේෂඥ කමිටුවේ සාමාජිකයන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු පිළිබදව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම  සාකච්ඡාව පැවැත්විණ.

ආර්ථික සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ජනාධිපතිවරයා විසින් විශිෂ්ඨ ආර්ථික විද්‍යාඥයන් තිදෙනෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ශ්‍යාමනී කුරේ යන මහත්ම මහත්මීන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් මීට පෙර පත් කරන ලදි. ජනාධිපතිවරයා සහ විශේෂඥයන් අතර පැවති මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම