එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව එකඟතා සහිතව නිමාවට පත්වෙයි
2022-07-02 16:16:59
Share with:

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව පෘතුගාලයේ ලිස්බන් නුවර දී නිමාවට පත්වෙයි.

සමුළු නියෝජිතයෝ ලිස්බන් ප්‍රකාශනයට  එකඟ වූහ. වත්මන් හදිසි සමුද්‍ර තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විද්‍යාව සහ නවෝත්පාදන මත පදනම්ව සාගර ආරක්ෂණ ක්‍රියාකාරකම් වේගවත් කිරීමට ඔවුහූ එකඟවූහ.

ලිස්බන් ප්‍රකාශනයට අනුව, වත්මන් හදිසි සමුද්‍ර තත්ත්වයන්ට මුහුණ දීම සඳහා, සියලුම පාර්ශ්ව වඩාත් දැඩි හා කාල සංවේදී ක්‍රියාමාර්ග මගින්, සමුද්‍ර සහ වෙරළබඩ පරිසර පද්ධතිවල ආරක්ෂාව යහපත් කළ යුතු ය.

මෙවර සාගර සමුළුවේ දී , චීනය “නිල් හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීම හා එක්ව තිරසාර අනාගතයක් ගොඩනැගීම”යන තේමාවෙන් යුතු ශාඛා සමුළුව පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ගේ සමුද්‍ර කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතයා මෙම සමුළුවේ දී දේශනයක් කරමින්, චීනය විසින් යෝජනා කරන ලද නිල් හවුල්කාරීත්වය ඵලදායී සහයෝගීතා ආකෘතියක් බව ප්‍රකාශ ‍කළේ ය. එමගින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වඩා හොඳින් සාක්ෂාත් කරගත හැකි බව, ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම