විදේශ රැකියාවලින් පසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ව්‍යාපාර අවස්ථා හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ඇරඹෙයි
2022-07-02 20:50:14
Share with:

කොවිඩ් 19 හමුවේ විදේශ රැකියාවලින් පසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සදහා ව්‍යාපාර අවස්ථා හදුන්වාදීමේ වැඩපිළිවෙලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආරම්භ කරයි. ලෝක කම්කරු සංවිධානයේ අනුග්‍රහය යටතේ” ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න වැඩිදියුණු කරගන්න” යන ශ්‍රී ලංකා ආයතනය මගින් එය මෙහෙයවනු ලැබේ. මෙහිදී ගාල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල,කඵතර, ගම්පහ, අනුරාධපුර, නුවර, මඩකලපුව, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවල පදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන හෝ දැනට ව්‍යාපාරයක නියුතු අය සදහා ප්‍රමුඛතාව හිමිවෙයි. තෝරාගන්නා අයට පුහුණුව සහ මගපෙන්වීම් නොමිලේ ලබා දීමට පියවර ගැනේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම