ආසියානු ආර්ථිකය ශක්තිමත් කරන චීනයේ ආර්ථික වැඩපිළිවෙළ
2022-07-01 10:25:07
Share with:

ගෝලීය ආර්ථිකය තුළ වඩාත් ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ ආසියානු කලාපයයි. චීනය, ඉන්දියාව ප්‍රධාන කොටගත් නැගෙනහිර ආසියානු රටවල්, වියට්නාමය සහ බංගලාදේශය වැනි රටවල් ද මේ වන විට වේගවත් ආර්ථික වර්ධනයක් වාර්තා කරයි. විශේෂත්වය වනුයේ වැඩිම ආර්ථික කාර්යසාධනයක් ද ආසියානු කලාපය තුළ පෙන්නුම් කෙරේ. ලෝකයේ සමස්ත අපනයනවලින් ආසියාව 1948 දී සියයට 14ක දායකත්වයක් ලබා දී තිබේ. එහෙත් එය 2020 වන විට සියයට 36 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ආසියානු කලාපය ලෝක ආර්ථිකයට ප්‍රබලම දායකත්වයක් සපයන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යානාංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

ආසියානු කලාපය තුළ ඇති කර ගන්නා ආර්ථික ශක්තිමත්භාවය දෙස බටහිර රටවල් විවිධ අයුරින් අවධානය යොමු කර ඇත. වසංගත සමය තුළ ද චීන ආර්ථිකය සියයට 8ක් ආර්ථික වර්ධනයක් අත් කර ගත්තේය. මේ තත්ත්වය තුළ චීනය ලෝකයේ ප්‍රධාන ආර්ථිකය බවට පත් වනු ඇත. ආර්ථික ශක්තිය, ලෝකයේ දේශපාලන ශක්තිය තීරණය කරන ප්‍රමුඛතම සාධකයක් වනහෙයින් ලෝකය තුළ මේ හරහා බල තුලනයක් ද සිදු වනු ඇත.

චීනයට විදේශ ආයෝජන විශාල වශයෙන් ගලා ඒම සමග චීන ආර්ථිකය වඩා වර්ධනීය තත්ත්වයකට පත් විය. මේ හරහා අපනයන භාණ්ඩ නිෂ්පාදනයේ ඉහළ යෑමක් ඇති වේ. පවතින වෙළෙඳ අතිරික්තය තුළ ලෝකයේ ප්‍රධාන වෙළෙඳ බලවතෙකු බවට චීනය පත්ව ඇත. නමුත් ඉන්දියාවට මේ ඉලක්කයට පැමිණීමට නොහැකි වී ඇත. එහෙයින් චීනයේ මේ නැගී සිටීම ආසියානු කලාපයට වඩා යහපත් බලපෑමක් ඇති කරන බව මහාචාර්යතුමා ප්‍රකාශ කළේය. වෙනත් රටවල් සමග චීනය ගොඩ නගා ගෙන ඇති සබඳතා මේ සඳහා හේතු වේ.

චීනයේ පවතින ආර්ථික අවස්ථාවන් හේතුවෙන් බොහෝ රටවල් චීනය දෙසට වැඩි නැඹුරුවක් දක්වයි. විශාල වෙළෙඳපොළක් හිමි චීනය, බොහෝ රටවල් සමග මිත්‍රශීලී සබඳතා මේ වන විටත් ගොඩ නගා ගෙන ඇති බව මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම