මෙරට කෘෂිකාර්මික පුනර්ජීවනය සඳහා වූ ක්‍රියාකාරි සැලැස්මක් සහිත යෝජනාවලියක්
2022-07-01 16:35:06
Share with:

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික පුනර්ජීවනය සදහා වු ක්‍රියාකාරි සැලැස්මක් සහිත යෝජනාවලියක් ඇමති මහින්ද අමරවිර මහතා වෙත භාර දෙයි. රසායනික පොහොර ආනයනය හා කාබනික වගාව, රටේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම, අපනයනය ඉලක්ක කර ගනිමින් දේශීයව වගා කළ හැකි බෝග වර්ග ප්‍රචලිත කිරිම, ජාතික එළවළු හා පළතුරු අවශ්‍යතාව සපුරා ගැනිම සඳහා පියවර ගැනිම ඇතුළු කරුණු ගණනාවක් මෙම යෝජනාවලියට ඇතුළත් කර තිබේ.

කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා කෙටිකාලීන යෝජනා 11 ක්ද මෙම සැලැස්මට ඇතුළත්ය.

මෙය ක්‍රියාවට නැංවිමේදී කෘෂිකර්මාන්තයට අයත් සියලු ආයතනවල සහයෝගය ලබාගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසිය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම