හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය චීන ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
2022-07-01 15:28:04
Share with:

හොංකොං හි එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය දිගුකාලීන ව අනුගමනය කළ යුතු බව අවධාරණය කෙරේ.

හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජයේ දිවුරුම් දීමේ උත්සවය අද (1) පෙරවරුවේ හොංකොං සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක්වෙමින් මේ බව අවධාරණය කළේ ය.

“එක් රටක් ක්‍රම දෙකක්”යනු ප්‍රශස්ත ක්‍රමයක් බැවින් එය වෙනස් කිරීමට කිසිදු හේතුවක් නැතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. “එක් රටක් ක්‍රම දෙකක්” මවුරටේ සහ හොංකොං ජනතාවගේ සමස්ත අවශ්‍යතාවන්ට ගැලපෙන අතර,  හොංකොං සහ මැකව් කලාපීය මූලික අවශ්‍යතාවන්ට ද ගැලපේ.

චීන මධ්‍යම රජයේ සම්පූර්ණ පරිපාලන ශක්තිය තහවුරු කරමින් විශේෂ පරිපාලන කලාපය සතු ඉහළ මට්ටමේ ස්වයං පරිපාලන බලය ද ආරක්ෂා කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. හොංකොං යළි මව්බිමට එක්ව, චීන ජාතික පාලන පද්ධතියට අලුතින් ඒකාබද්ධ කර ඇති අතර "එක් රටක්, ක්‍රම දෙකක්" යන මූලධර්මය මත පදනම් වන විශේෂ පරිපාලන කලාපීය ව්‍යවස්ථාපිත පද්ධතියක් බිහි කර තිබේ. විශේෂ පරිපාලන කලාපය කෙරෙහි අංගසම්පූර්ණ පාලනයක් මධ්‍යම රජයට ඇති අතර එය විශේෂ පරිපාලන කලාපයේ ඉහළ මට්ටමේ ස්වයං පාලනය සඳහාවූ මූලාශ්‍රයය. ඒ අතරම, විශේෂ පරිපාලන කලාපයේ ඉහළ මට්ටමේ ස්වයං පරිපාලන බලය පූර්ණ ගෞරවයෙන් යුතුව ආරක්ෂා කෙරෙන බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. 

 හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය "එක රටක් ක්‍රම දෙකක්" යන මූලධර්මයට සහ හොංකොංහි ව්‍යවස්ථාපිත තත්ත්වයට අනුකූල වේ. එය හොංකොං වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට, හොංකොංහි සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම දීප්තිමත් අනාගතයක් උදෙසා හිතකර බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

‘දේශප්‍රේමීන් විසින් හොංකොං පාලනය කිරීම’යන මූලධර්මය ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් අවධාරණය කර තිබේ. හොංකොංහි සමෘද්ධිය හා ස්ථාවරය මෙන්ම එහි වෙසෙන මිලියන හතක පුරවැසියන්ගේ ප්‍රායෝගික වාසි රැක ගත හැක්කේ පාලන බලය මනා ලෙස සහතික කිරීම මගින් බව ඔහු පෙන්වා දී තිබේ.

වඩා යහපත් හොංකොං කලාපයක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා හොංකොං වි‍ශේෂ පරිපාලන කලාපයේ නව රජයෙන් ඉල්ලීමක් ද කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම