චීන ජනාධිපතිවරයා හා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරියා අතර හමුවක්
2022-07-01 18:35:23
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(1) පෙරවරුවේ හොංකොංහි අලුතින් දිවුරුම් දුන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී Lee Ka Chiu මහතා හමුවිය. හොංකොංහි 6 වැනි ප්‍රධාන විධායක නිලධාරි‍යා‍ බවට පත්වීම පිළිබඳ ෂී ජින් පිං මහතා සුභපැතුම් පිරිනමමින් පැවසුවේ වසර 25ක පරීක්ෂාව මගින් එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය හා හොංකොංහි වර්ධනයට නව ආරම්භක ස්ථානයක් ගෙනදී ඇති බවයි. නව ප්‍රධාන විධායක නිලධාරියා හා නව හොං‍කොං වි‍ශේෂ පරිපාලන කලාපයේ රජය වෙත හොංකොං වැසියෝ පූර්ණ අපේක්ෂාවෙන් සිටිති. Lee Ka Chiu හා නව රජයේ නීත්‍යනුකූල පාලනයට චීන මධ්‍යම රජය සම්පූර්ණ සහය ලබා දෙන බව ෂී ජින් පිං මහතා කියා සිටියේය.

ජනාධිපති ෂී ජින් පිං මහතා හා මධ්‍යම රජයේ විශ්වාසය පිළිබඳ Lee Ka Chiu මහතා ස්තුතිය පළ කරමින් පැවසුවේ තම ප්‍රධානත්වයෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය උපරිම වශයෙන් ප්‍රායෝගිකව අදාල කටයුතු සිදු කරනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම