සාර්ථක "එක් රටක්, ක්‍රම දෙකක්" ප්‍රතිපත්ති‍යට එරෙහි ඕනෑම ආකාරයේ මඩ ගැසීම් නිෂ්ඵල බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-07-01 19:27:15
Share with:

අද(1) හොංකොං මව්රටට යළි එක්වීමේ 25 වැනි සංවත්සර දිනයයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම සංවත්සර සැමරුම් උත්සවයේ දී වැදගත් දේශනයක් පළ කරමින්, "එක් රටක්, ක්‍රම දෙකක්" ප්‍රතිපත්ති‍යේ ඉදිරි දිශාව පෙන්වා දුන්නේ ය.

‍එහෙත් ඇමරිකාව හා බ්‍රිතාන්‍යය යන බටහිර රටවල් නිවේදන හෝ දේශන නිකුත් කිරීමෙන්, චීන හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය සහ "එක් රටක්, ක්‍රම දෙකක්" ප්‍රතිපත්ති‍යට එරෙහිව චෝදනා ‍කළේ ය.

මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, හොංකොං ජාතිකයන් ඇතුළු සමස්ත චීන ජනතාවටම අයත් මේ උත්සව මොහොතේදී, ඇතැම් බටහිර රටවල් චීනයේ අභ්‍යන්තර කටයුතු වන හොංකොං කටයුතුවලට මැදිහත්වීමට චීනය තරයේ විරුද්ධ වන අතර එය තරයේ හෙළා දකින බවයි.

සාර්ථක "එක් රටක්, ක්‍රම දෙකක්" ප්‍රතිපත්ති‍යට එරෙහිව සිදු කරන ඕනෑම මඩ ගැසීමක් නිෂ්ඵල බවත්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට එරෙහිව සිදු කරන සියලු මැදිහත්වීම් සාර්ථක නොවනු ඇති බවත්, Zhao Lijian මහතා එහිදී සඳහන් ක‍ළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම