විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලීත්වයේ සාධනීය කාර්යභාරය ප්‍රශස්තව ඉටු කළ යුතු බව චීන ජනපති කියයි
2022-07-01 09:34:08
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හොංකොං විද්‍යා උද්‍යානය නිරීක්ෂණය කරයි. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිනී Carrie Lam මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.

එහිදී හොංකොං හි නවෝත්පාදන විද්‍යා හා තාක්ෂණ ප්‍රගමනය, Shenzhen සහ හොංකොං හි නවෝත්පාදන විද්‍යා හා තාක්ෂණ සංවර්ධන ක්‍රියාවලීන් හා හොං‍කොං විද්‍යා උද්‍යානයේ සංවර්ධනය ඇතුළු සියලු කරුණු ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය. හොංකොං හි කැපී පෙනෙන නවෝත්පාදන විද්‍යා ව්‍යවසායයන් පිළිබඳ ප්‍රදර්ශන නැරඹූ හෙතෙම පෙන්වා දුන්නේ, යුගයේ අවශ්‍යතාව හඳුනාගනිමින් ඉදිරියට යාමේ ප්‍රවණතාව හොංකොං විශේෂ පරිපාලන කලාපය අත් කරගත යුතු බවයි. එසේම, නවෝත්පාදන බිහිකිරීම මෙන්ම විද්‍යා හා තාක්ෂණික ප්‍රගමනයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය. විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලීත්වයේ හි සාධනීය කාර්යභාරයන් තවදුරටත් ඉටු කළ යුතු බව ද ෂී ජින් පිං මහතා කියා සිටී.




ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම