මධ්‍යම රජයේ සම්පූර්ණ පරිපාලන ශක්තිය තහවුරු කරමින් විශේෂ පරිපාලන කලාපය සතු ඉහළ මට්ටමේ ස්වයං පරිපාලන බලය ආරක්ෂා කළ යුතුයි- චීන ජනපති
2022-07-01 12:07:58
Share with:

චීන මධ්‍යම රජයේ සම්පූර්ණ පරිපාලන ශක්තිය තහවුරු කරමින් විශේෂ පරිපාලන කලාපය සතු ඉහළ මට්ටමේ ස්වයං පරිපාලන බලය ද ආරක්ෂා කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

හොංකොං මව්බිමට නැවත එක්වීමේ 25 වන සංවාත්සරික උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසීය.

හොංකොං යළි මව්බිමට එක්ව, චීන ජාතික පාලන පද්ධතියට අලුතින් ඒකාබද්ධ කර ඇති අතර "එක් රටක්, ක්‍රම දෙකක්" යන මූලධර්මය මත පදනම් වන විශේෂ පරිපාලන කලාපීය ව්‍යවස්ථාපිත පද්ධතියක් බිහි කර තිබේ. විශේෂ පරිපාලන කලාපය කෙරෙහි අංගසම්පූර්ණ පාලනයක් මධ්‍යම රජයට ඇති අතර එය විශේෂ පරිපාලන කලාපයේ ඉහළ මට්ටමේ ස්වයං පාලනය සඳහාවූ මූලාශ්‍රයය. ඒ අතරම, විශේෂ පරිපාලන කලාපයේ ඉහළ මට්ටමේ ස්වයං පරිපාලන බලය පූර්ණ ගෞරවයෙන් යුතුව ආරක්ෂා කෙරෙන බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම