චීන ජනාධිපතිවරයා හා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිළධාරිනිය අතර හමුවක
2022-06-30 20:43:50
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(30) පස්වරුවේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිළධාරිනී Carrie Lam Cheng Yuet-ngor මහත්මිය හමු විය. එම හමුවේදී ෂී ජින් පිං මහතා පැවසුවේ ගෙවී ගිය වසර 5 තුළ චීන මධ්‍යම රජයේ ස්ථීර සහය යටතේ Carrie Lam Cheng Yuet-ngor මහත්මිය එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය හා මූලික නීතිය දැඩිව අනුගමනය කරමින් ජාතික ස්වාධිපත්‍යය, ආරක්ෂාව, වර්ධන ප්‍රතිලාභය, හොංකොංහි සෞභාග්‍යය හා ස්ථාවරත්වය සුරැකීම වෙනුවෙන් වැදගත් දායකත්වයක්  දක්වා ඇති බවයි. හොංකොංහි නව ප්‍රධාන විධායක නිළධාරියා හා නව රජයට නීත්‍යනුකූල පාලනයට අනුබල දෙමින් Carrie Lam Cheng Yuet-ngor මහත්මිය අඛණ්ඩව හොංකොං හා මවු රටේ වර්ධනයට කැප වනු ඇති බවට ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

ගෙවී ගිය වසර 5 තුළ හොංකොං හී සාමාන්‍ය නොවන කාලයක් ගත වී ඇති බවත් එක් රටක් ක්‍රම දෙකක් වෙනුවෙන් දායකත්වය දැරීම පිළිබද ගෞරවනීය හැඟීමක් දැනෙන බවත් Carrie Lam Cheng Yuet-ngor මහත්මිය එහිදී පැවසුවාය. මව්රට සමෘද්ධිමත් වීම හා හොංකොංහි ෂී ජින් පිං මහතාගේ චාරිකාව සාර්ථක වේවා යැයි ද ඇය ප්‍රාර්ථනා කළාය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම