ලෝකයට බහුපාර්ශ්වාදයෙන් තොර ගමනක් නැහැ!
2022-06-30 12:40:22
Share with:

සියල්ලන්ම එක්ව වත්මන් අභියෝග ජයගැනීමට බහුපාර්ශ්වවාදය ප්‍රවර්ධනය කළ යුතු  බව දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. වත්මන් ලෝකයට හුදෙකලාව ජීවත්විය නොහැක. දීර්ඝ කාලයක් පුරා ගෝලීයකරණයෙන් ‍ගොඩනැගුණු ලෝකයට ඇතැම් රටවල් විසින් ඒකපාර්ශ්වවාදය ආරො‍්පනය කිරීමට යෑම අසාර්ථක මෙන්ම හාස්‍යජනක උත්සාහයකි. තමා එය හාස්‍යයක් ලෙසට සලකන්නේ එම රටවල් ගෝලීයකරණය මත යැපෙමින් සිටියදී ම ඊට එරෙහිව කටයුතු කිරීමට උත්සාහ කිරීම නිසා යැයි ද ඇය අවධාරණය කරයි. කොරොනා වසංගතයත් සමග ලෝකය ඉතා දැඩි අසීරුතාවන්ට මුහුණ දී තිබේ. ඉන් මිදීමට ගත හැකි හොඳම පියවර එකිනෙකාට සහාය වීමය. කවර පාර්ශ්වයක් හෝ එහිදී අත්හළ නොහැකිය. බහුපාර්ශ්වවාදය ප්‍රවර්ධනයේ දී චීනයේ කැපවීමක් තමා දකින බවද ශිරාණි පෙරේරා මහත්මිය පෙන්වා දෙයි. මෑතක පැවති සමුළු කිහිපයකදීම චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ චීන රජය ‍ලොව සෙසු රටවල් සමග සාමූහිකව අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට ඇති අභිලාෂය පිළිබිඹු කළ බවද ඇය සඳහන් කරයි. එය අසීරු ගමනක යෙදෙන ලෝක ආර්ථික හා සමාජ ස්ථාවරත්වයට යම් අස්වැසිල්ලක් ගෙන දෙනු ඇති බවට තමා විශ්වාස කරන බවද දේශපාලන  උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය කියා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම