චීනය ලබා දෙන සහාය මගින් චීනය හා ශ්‍රී ලංකාව අතර දිගු ඉතිහාසයක් සහිත ස්ථීර මිතුදම පිළිබිඹු වෙයි
2022-06-30 19:46:50
Share with:

චීනය ලබා දෙන සහාය මගින් චීනය හා ශ්‍රී ලංකාව අතර දිගු ඉතිහාසයක් සහිත ස්ථීර මිතුදම පිළිබිඹු වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා අද(30) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පසුගිය 28 වනදා චීනය පරිත්‍යාග කළ හදිසි ධාන්‍ය ආධාරයේ සහල් ටොන් 1000ක ප්‍රථම තොගය කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය වෙත ළඟා වූ බවයි. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා නිලධාරීහූ එම ආධාර පිළි ගනිමින් එහි පැවති භාර දීමේ උත්සවයට එක් වූහ. චීන ආධාර මගින් දෙරටේ ස්ථීර මිතුදම යළි පිළිබිඹු වන බවත් ශ්‍රී ලංකා රජය හා ජනතාව මෙය මතකයේ දැඩිව තබා ගනු ඇති බවත් Zhao Lijian මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම