චීනය සමග පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ඉහළ මට්ටමකට නංවා ගැනීම තම රටේ අපේක්ෂාව බව පාකිස්ථාන අගමැති කියයි
2022-06-30 09:57:43
Share with:

පාකිස්ථාන අගමැතිවරයා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික යං ජ්‍ය ච මහතා  හමුවෙයි.

පාකිස්ථාන අගමැති Muhammad Shahbaz Sharif මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කමිටුවේ කාර්යාල අධ්‍යක්ෂවරයා ද වන යං ජ්‍ය ච මහතා අතර හමුව ඊයේ (29) ඉස්ලාමාබාද් නගරයේදී පැවැත්විණ.

චීන -පාකිස්ථාන සබඳතාව, චීනය අසල්වැසි රටවල් සමඟ පවත්වන රාජ්‍යතාන්ත්‍රික කටයුතු අතර ප්‍රමුඛ ස්ථානයක ලා ක්‍රියාකිරීමට චීනය සැමවිටම පියවර ගනී. පාකිස්ථානය සමඟ, ප්‍රතිපත්ති හා සංවර්ධන උපායමාර්ගික සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කර සාම්ප්‍රදායික මිත්‍රත්වය හා විශ්වාසය අඛණ්ඩව පවත්වා ගනිමින්, ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව යං ජ්‍ය ච මහතා පැවසීය.

එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරන පාකිස්ථානය චීනයේ කේන්ද්‍රීය වාසී හා වැදගත් කොට සලකන කාරණා කෙරෙහි මනා පිටුබලයක් සපයන බව ද පාකිස්ථාන අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය. චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කර චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ සංවර්ධනය කඩිනම් කරමින් දෙරටේ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ඉහළ මට්ටමකට නංවා ගැනීම පාකිස්ථානයේ අපේක්ෂාවයි. චීනය ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන යෝජනාව හා ගෝලීය ආරක්ෂක යෝජනා ජගත් ප්‍රජවේ පොදු අපේක්ෂාවට අනුකූලවේ.එය ප්‍රාදේශීය හා ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද පාකිස්ථාන අගමැතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම