ඇමරිකාවෙන් ඩොලර් බිලියන 1.3 ක ආධාර යුක්රේනයට
2022-06-30 10:02:31
Share with:

ඇමරිකාවෙන් ඩොලර් බිලියන 1.3 ක ආධාර යුක්රේනයට හිමි වී තිබේ. එය ඇමරිකාවේ ඩොලර් බිලියන 7.5 ක ආධාර සැලසුමේ කොටසකි. යුක්රේන අගමැති Denys Anatoliyovych Shmyhal මහතා අද (30) සමාජ මාධ්‍ය ඔස්සේ ඒ බව ප්‍රකාශ කළේය.

මේ අතර, යුක්රේනයට තවත් පවුම් බිලියනයක හමුදා ආධාර ලබා දෙන බවට, බ්‍රිතාන්‍ය අගමැති Boris Johnson මහතා ඊයේ (29) නේටෝ සමුළුවේදී ප්‍රතිඥා දුන්නේය.

මේ අතර, එදිනම සිරියාව ලුහාන්ස්ක් ජනරජයේ සහ ඩොනෙට්ස්ක් ජනරජයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය පිළිගන්නා බව නිවේදනය කළේය. ඉන් අනතුරුව, යුක්රේනය හා සිරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දමන බව යුක්රේන ජනාධිපතිවරයා  ප්‍රකාශ කර ඇත.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම