බහුපාර්ශ්වවාදය වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම චීන විදේශ ඇමතිවරයා පෙන්වා දෙයි
2022-06-30 15:04:38
Share with:

චීන විදේශ ඇමතිවරයා ‘ඉතිහාසය, වර්තමානය හා අනාගතය’ යන මැයෙන් පැවති ෂැන්හයි සහයෝගතා සංවිධානයේ වටමේස සමුළුව අමතයි.

ඊයේ(29) චීන විදේශ ඇමති වං යී මහතා බෙයිජිංහි සිට එම සමුළුවට වීඩියෝ ආකාරයෙන් එක්විය.

ෂැන්හයි සහයෝගතා සංවිධානයේ සාමාජිකයින් සමග එක්ව වගකීම් භාර ගෙන යුගයේ ගැටළුවලට විසඳුම් සොයා දීමටත් තම සංවිධානයේ වඩාත් සමීප හවුල් ප්‍රජාව තහවුරු කිරීමටත් තැත් කිරීමට චීනය කැමති බව වං යී මහතා එහිදී පැවසීය. 

සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය හා පොදුවේ බෙදා ගැනීම ක්‍රියාත්මක කළ යුතු යැයි ද ඔහු පෙන්වා දෙයි. මේ අතර දාමරිකවාදය හා ආධිපත්‍යයට විරුද්ධ වෙමින්, සීතල යුධ චින්තනය හා සතුරුකම් ඇතිකිරීම ද වැළැක්විය යුතුය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය සඳහා ෂැන්හයි සහයෝගතා සංවිධානයේ ශක්තිය කැප කරන ලෙසට ද ඔහු එම සංවිධානයේ සාමාජික රටවලින් ආයාචනය කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම