ඉදිරි වසර 10 තුළ, ගෝලීය කෘෂිකර්ම නිපැයුම් ක්ෂේත්රවය දරුණු අභියෝගයකට මුහුණ දෙනු ඇතැයි අවධාරණය කෙරේ
2022-06-30 11:22:53
Share with:

ඉදිරි වසර 10 තුළ, ගෝලීය කෘෂිකර්ම නිපැයුම් ක්ෂේත්‍රය දැවැන්ත  අභියෝගයකට මුහුණ පානු ඇතැයි හෙළි වේ.

ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඊයේ(29) ඒකාබද්ධ ව නිකුත් කළ '2022-2031 වසරේ කෘෂිකර්ම අනාගත දැක්ම ' පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

අඛණ්ඩව ඉහළ යන ජනගහණයේ ආහාර ඉල්ලුම තිරසර ක්‍රියාපිළිවෙත් මගින් සපුරා ගත යුතු ය. කාලගුණික අර්බුදයෙන් සිදු වී ඇති ආහාර සැපයුම් දාමය බිඳවැටීමට ද එමගින් පිළියම් සෙවිය යුතු ය.

පශ්චාත් නව කොරොනා වසංගත යුගයේ ඉල්ලුම ඉහළ යාම, ප්‍රධාන සැපයුම් රටවල් දරුණු කාලගුණික විපර්යාසයන්ට මුහුණ පෑම, නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය ඉහළ යාම ඇතුළු සාධක රැසක් කෘෂිකර්ම නිපැයුම් මිල ඉහළ යාමට හේතු වී ඇත. ප්‍රධාන ධාන්‍ය සැපයුම් රටවල් වන යුක්රේනය හා රුසියාවට සිය කෘෂිකර්ම නිපැයුම් අපනයනයේදී පවතින අවිනිශ්චිතතාව මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර කර ඇති බව ද එම වාර්තාවේ දැක්වෙයි.

ඉදිරි වසර 10 තුළ ගෝලීය වෙළඳපොළේ මනා ක්‍රියාකාරීත්වය  සහතික කිරීම, ආහාර සුරක්ෂිතතාව සඳහා වන කෙටි හා මධ්‍ය කාලීන අභියෝගයන්ට මුහුණ දීමේදී අතිශය වැදගත් වනු ඇතැයි ද '2022-2031 කෘෂිකර්ම අනාගත දැක්ම ' පිළිබඳ වාර්තාව අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම