ගෘහස්ථ ගෑස් සහ පොහොර මිළදී ගැනීමට ලෝක බැංකු ආධාර
2022-06-30 17:47:23
Share with:

ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති මූල්‍ය ආධාර ලබාදිය හැකි ආකාරයට ප්‍රති සැළසුම් කරන බවත් ලෝක බැංකු නියෝජිතයෝ පවසති.

ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ දැනට ව්‍යාපෘති 17 ක් ක්‍රියාත්මක වන බවත් පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර දියහැකි අයුරින් එම ව්‍යාපෘති ප්‍රතිසැලසුම් කරන බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමෙන් පසු ලෝක බැංකුවේ සහාය තවදුරටත් ලබාදීමට අපේක්ෂා කරන බව කී සර්වෝස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම