එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තියේ දැඩිව එල්බ සිටියහොත් හොංකොං හි අනාගතය නියත වශයෙන්ම දීප්තිමත් වනු ඇතැයි චීන ජනපති පවසයි
2022-06-30 17:51:09
Share with:

එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තියේ දැඩිව එල්බ සිටිමින් එය ක්‍රියාත්මක කරන්නේ නම් හොංකොං හී අනාගතය නියත වශයෙන්ම දීප්තිමත් වනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

අද (30) පස්වරුවේ හෙතෙම විශේෂ දුම්රියකින් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ බටහිර Kowloon අධිවේග දුම්රිය ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී දේශනයක් පවත්වමින් මේ බව පැවසීය. එහිදී චීන ජනාධිපතිවරයා සහ එම ආර්යාව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ උණුසුම් පිළිගැනීමට ලක් වූහ. තමා නිරතුරුවම හොංකොං කෙරෙහි සැලකිල්ල දක්වන බවත් හොංකොං ස්‍වදේශිකයක් තම හදවතේ රැඳී පවතින බවත් චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටී. එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය නොවෙනස් ව අනුගමනය කළහොත් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ අනාගතය වඩාත් දීප්තිමත් වනු ඇතැයි චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

 හෙට (01) හොංකොං ආපසු මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිත ව තිබේ. චීන ජනාධිපතිවරයා සහ එම ආර්යාව හොංකොං වෙත ළඟාවී ඇත්තේ එම උත්සව දෙකට එක් වීම සඳහා ය.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම