"චීන කොමියුනිස්ට් පක්ෂයේ වසර සියයක්" එළි දැක්වේ
2022-06-30 11:21:51
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 101වැනි සංවත්සරය නිමිත්තෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමතයට අනුව  මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා සාහිත්‍ය ඇකඩමිය විසින් සම්පාදනය කරන ලද "චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ වසර සියයක්" නමැති ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාස මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හැර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා එම ග්‍රන්ථය සම්පාදනය කිරීම් කටයුතු වැදගත් කොට සලකා ඒ සඳහා මග පෙන්වීම් හා වැදගත් උපදෙස් ලබා දුන්නේය.

එම ග්‍රන්ථය එළි දැක්වීම, සමස්ත පක්ෂයටත් සමස්ත සමාජයටත් පක්ෂයේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නිල ඉගැන්වීම් ද්‍රව්‍යයක් සපයා ඇති අතර, සමස්ත පක්ෂය හා සමස්ත ජනවර්ගවල ජනතාව ප්‍රායෝගික ක්‍රියාමාර්ග සමඟ පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිගැනීමට යහපත් වාතාවරණයක් නිර්මාණය කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම