චීන සාර්ථකත්වයේ නියමුවා චීන කොමියුනිස්ට් පක්ෂයයි
2022-06-30 09:52:38
Share with:

වත්මන් චීනයේ වැදගත් ප්‍රතිපත්තිවල ස්ථාවර පැවැත්ම සහ විශාල ජයග්‍රහණ දිනා ගැනීම තහවුරු වී ඇත්තේ මහ ලේකම් ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය හේතුවෙන් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ජී. වීරසිංහ මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමෙන් පසු වසර 101ක් තුළ පක්ෂයේ නායකත්වය යටතේ චීනයේ විවිධ ක්ෂේත්‍රවල විශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත.

නව කොරොනා වසංගතය හමුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නිවැරදි නායකත්වය යටතේ චීනය බොහෝ සංවර්ධිත රටවලට වඩා කලින් හා වේගයෙන් වසංගතය පාලනයට සමත් වූ අතර ආර්ථික සංවර්ධනය යථා තත්ත්වයට ගෙන ඒමට සමත් වීම ප්‍රශංසනීය බව ද මහ ලේකම්වරයා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය මෙම වසරේ දෙවැනි භාගයේදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මේලනය පැවැත්වෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතාමත්ම වැදගත් ජයග්‍රහණ රාශියක් අත්කර ගෙන ඇති පසුබිමකය. එසේම මෙම සම්මේලනය පැවැත්වෙන්නේ ලෝකය පුරාම ඉතාමත්ම අවිනිශ්චිත වාතාවරණයක් මතු වී ඇති තත්ත්වය තුළ බව ජී.වීරසිංහ මහතා පෙන්වා දෙයි. මෙම පම්මේලනය පැවැත්වීම ගෝලීය ගැටළු නිරාකරණය කර ගැනීමට වැදගත් මඟපෙන්වීම් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ජී. වීරසිංහ මහතා පෙන්වා දෙයි.

නව යුගයක් නිර්මාණය කිරීමේ තීරණාත්මක අවධියකට ද අවතීර්ණ වෙමින් තිබෙන අවස්ථාවක චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වෙන බව හෙතෙම සඳහන් කරයි. මෙම සම්මේලනයේ තීරණ හා තීන්දු චීනයට පමණක් නොව, සමස්ත ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයට තීරණාත්මක ලෙස බලපාන අවස්ථාව බවට පත් වේ.

සම්මේලනය සම්පූර්ණයෙන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන බව හෙතෙම පවසයි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඉතාමත් උනන්දුවෙන් මෙහි ප්‍රතිඵල දැන ගැනීමට බලා ගෙන සිටින අතර චීන කොමියුනිස්ට් පක්ෂයට සහෝදරාත්මක සුභ පැතුම් ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටී. චීන-ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂවල සහෝදරත්මක බැඳීම් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම උදෙසා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඇති අධිෂ්ඨානය ප්‍රකාශ කරන බව ද ජී. වීරසිංහ මහතා පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම