හොංකොං හී අනාගතය නියත වශයෙන්ම දීප්තිමත් වනු ඇතැයි චීන ජනපති කියයි
2022-06-30 16:57:54
Share with:

එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තියේ දැඩිව එල්බ සිටිමින් එය ක්‍රියාත්මක කරන්නේ නම් හොංකොං හී අනාගතය නියත වශයෙන්ම දීප්තිමත් වනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.ශක්තිමත්ව දැඩි උත්සාහයෙන් ඉදිරියට යාමෙන් දීප්තිමත් අනාගතය ළඟාවනු ඇති බව හෙතෙම සඳහන් කළේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ බටහිර කොව්ලූන් අධිවේග දුම්රිය ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී ය.තමා නිරතුරුවම හොංකොං කෙරෙහි සැලකිල්ල දක්වන බවත් හොංකොං ස්‍වදේශිකයක් තම හදවතේ රැඳී පවතින බවත් චීන ජනාධිපතිවරයා පැවසීය.

චීන ජනාධිපතිවරයා හොංකොංහී අවසන් වරට සංචාරය කළේ මීට වසර 5කට පෙරදී ය.ගෙවුනු වසර 5 පුරාවටම හොංකොං වෙත සිය අවධානය හා සැලකිල්ල යොමු කළ බවද චීන ජනාධිපතිවරයා පැවසීය.

හොංකොං මවුරටට යළි එක්වීමේ 25වන සැමරුම් වැඩසටහන්වලට සහභාගිවීම සඳහා චීන ජනාධිපතිවරයා එහි ගොස් සිටී. මෙම ඓතිහාසික අවස්ථාවේ හොංකොං ස්වදේශිකයන් වෙත ෂී ජින්පිං මහතා උණුසුම් සුබ පැතුම් එකතු කරයි.යළි වරක් හොංකොං වෙත පැමිණීම ගැන තමා සතුටු වන බවද කොව්ලූන් අධිවේග දුම්රිය ස්ථානයේ දී හෙතෙම පැවසීය.‍ජුලි පළමු දා හොංකොං මවුරටට යළි එක්වීමේ 25වන සැමරුම ‍වෙනුවෙන් වන ප්‍රීතිදායී අවස්ථාවට  රටේ සියළු ජන වර්ගවලට අයත් ජනතාව එක්වන බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම