චීනය වසංගතය පාලන කටයුතු මෙන්ම ආර්ථික හා සමාජ වර්ධනය පූර්ණව සැලසුම් කළ හැකි බව චීන ජනාධිපතිවරයා පවසයි
2022-06-29 20:33:17
Share with:


ඊයේ(28) වූහාන් නගරය නිරීක්ෂණ කළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Donghu නව තාක්ෂණ වර්ධන කලාපයේ ජන ප්‍රජාවකට පැමිණ එහි වැසියන් සමග සමීපව අදහස් හුවමාරු කර ගත්තේ ය. වසර දෙකකින් පසු යළි වූහන් නගරයට පැමිණි ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ 2020 වසරේ වූහන් වසංගතයට එරෙහිව සටන ජය ගැනීම හා ඉන් පසු ස්ථීර තත්ත්වයක පැවතීම මගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියම කළ වසංගතය පාලන  ප්‍රතිපත්තිය නිවැරදි මෙන්ම ඵලදායි බව පෙන්නුම් කර තිබෙන බවයි. දැඩිව එම ප්‍රතිපත්තිවල එල්බ සිටිය යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානත්වය යටතේ ජන ප්‍රජාවන් පදනම් වන බිම් මට්ටමේ සිට වසංගතය පාලන කටයුතු මෙන්ම ආර්ථික හා සමාජ වර්ධනය පූර්ණව සැලසුම් කිරීමට හැකිවෙතැයි  විශ්වාසයෙන් පසු වන අතර මෙම වසරේ චීන ආර්ථික වර්ධනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට  උත්සාහ දරන බව හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම