චීන මහ ගොඩබිමේ අනුබලයෙන් දීප්තිමත් අනාගතයකට පියමං කරන හොංකොං
2022-06-29 15:54:55
Share with:

හොංකොං චීනයට ආපසු එක් වීමෙන් පසු වසර 25 තුළ සමාජ, ආර්ථික, සංස්කෘතික හා මූල්‍ය යනාදී විවිධ ක්ෂේත්‍රවල විශාල වර්ධනයක් ලබා ඇතැයි හොංකොංහි කොන්කෝඩ් රිච් වෙළඳ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ W.A.වීරරත්න මහතා පවසයි.

1997 වසරේ ජූලි පළමුවැනිදා හොංකොං චීනයට ආපසු එක්වීමේ උත්සවයට තමා ආරාධිතයෙකු ලෙසට සහභාගි වී එම ඓතිහාසික අවස්ථාවේ සාක්ෂිකරුවෙකු බවට පත් වූ අයුරු මෙම ඓතිහාසික අවස්ථාවේ දී යළි සිහියට නැ‍‍ගෙන බවද  ඔහු පවසයි.

ගෙවී ගිය වසර 25 තුළ, “එක් රටක් ක්‍රම දෙයක්” යන ප්‍රතිපත්තිය  විවිධ පීඩන සහ අභියෝගවලට ඔරොත්තු දී මනා ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ක්‍රියාත්මක කර තිබෙන බව ද වීරරත්න මහතා පෙන්වා දෙයි.

චීනයේ වෙළඳපල ස්ථීර ලෙස විවෘත කිරීම මගින් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමාගම්වලට මහ ගොඩබිම තුළ තම ව්‍යාපාර පුළුල් කිරීමට ඉතා කදිම අවස්ථාවක් ලබා දී ඇති බව ඔහු‍ගේ හැඟීමයි. බොහෝ ප්‍රසිද්ධ චීන සමාගම් සහ පුද්ගලයන් හොංකොං හි ආයෝජනය කර ඇත. එය ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස හොංකොං හි තත්ත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට විශාල රුකුලක් වී තිබේ. එය හොංකොං හි මූල්‍ය වෙළඳපොළට විශාල සහයෝගයක් ලබා දී ඇතැයි ද වීරරත්න මහතා සඳහන් කරයි.

හොංකොං චීනයට ආපසු එක් වීමෙන් පසු ‍ගෙවුණු වසර 25 තුළ, චීන මධ්‍යම රජයේ සහාය ඇතිව, හොංකොං-චුහායි-මැකෞ මහ පාලම, දුම්රිය මාර්ග සහ ගුවන් තොටුපල වැනි ප්‍රධාන යටිතල පහසුකම් සහ ජීවනෝපාය ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. මෙය හොංකොං පුරවැසියන්ගේ ජීවිත වඩාත් පහසු කර ඇති අතර ‌‌මෙය හොංකොං විශේෂ පරිපාලන කලාපය චීන මහ‍ ගොඩබිමේ විවිධ ප්‍රදේශ හා ලෝකය සමඟ ශක්තිමත් ලෙස සම්බන්ධ කිරීමක් බව වීරරත්න මහතා  පවසයි.

හොංකොං කොරොනා වසංග පාලනය සඳහා එහි චතුරස්‍ර රෝහල් ඉදි කිරීමටත් වෛද්‍ය සේවා කණ්ඩායම් හා සහනාධාර ද්‍රව්‍ය යැවීමටත් චීන මධ්‍යම රජය සහාය වී ඇත. මෙය හොංකොං හි වසංගත තත්ත්වය ක්‍රමයෙන්  පාලනය කිරීමට දායකවී ඇති අතර මධ්‍යම රජය කෙරෙහි හොංකොං විශේෂ පරිපාලන වැසියන්ගේ විශ්වාසය වැඩි වී තිබෙන බව ඔහු සඳහන් කරයි.

ගෝලීය ආර්ථික අර්බුදය හා උද්ධමනය හමුවේ හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ සක්‍රීය පාලනය යටතේ හොංකොංහි භාණ්ඩ මිල හා රැකියා යනාදී ක්ෂේත්‍ර සැමවිටම සාපේක්ෂව ස්ථාවර තත්වයක පවතින බව ඔහු කීය.

තම ව්‍යාපාරික දිවිය ආරම්භවූ හොංකොං විශේෂ පරිපාලන කලාපය දිගුකල් දිනේවා යැයි ද  වීරරත්න මහතා ප්‍රාර්ථනා කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම